ලංකාවේ වැඩියෙන්ම සංචාරකයන් ඇදෙන තැන මහනුවර බවට කිසිදු සැකයක් නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන සංචාරක ආකර්ෂණ ගණනාවක් අතුරින් සුන්දරම ස්ථානය වික්ටෝරියා වේල්ල හා ජලාශයත් ඒ ආශ්‍රිත දුම්බර මිටියාවත් ප්‍රදේශයත් බව මගේ හැඟීමයි.
පල්ලෙකැලේ ආසන්නයේ පිහිටලා තිබෙන මේ සුන්දර පරිසරය ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවන් තුනකටත් නිවහන වෙනවා. ඒ ක්‍රිකට්, රග්බි සහ ගොල්ෆ් කියන ක්‍රීඩාවනුයි. පල්ලෙකැලේ ක්‍රිකට් පිටියත් ත්‍රිත්ව විද්‍යාල රග්බි පටියත් පිහිටලා තිබෙන්නේ මේ පෙනෙන මානයේයි. ඒ වගේම වික්ටෝරියා ජලාශයට මායිම්ව තිබෙන වික්ටෝරියා ගොල්ෆ් පිටිය දකුණු ආසියාවේ හොඳම ගොල්ෆ් පිටියයි. ඉතින් මේ අපූරැ පරිසරය ඇසුරේ දිගන ප්‍රදේශයේ පිහිටලා තියෙන සුන්දර හෝටලයක් ගැනයි අපි අද කතාකරන්නේ.
Serendib Signature Resort කියන මේ හෝටලය ඒ නමේ කියැවෙන හැටියටම සම්ප්‍රදායික ලාංකික සංස්කෘතියත් විශේෂයෙන්ම දුම්බර මිටියාවතේ සංස්කෘතික ලක්ෂණත් කැටිකොට ගෙන ඉදිකරන ලද්දක්.
මහනුවර නගර මධ්‍යයේ සිට මිනිත්තු 30කින් පමණ ළඟාවිය හැකි මානයේ පිහිටා ඇති මේ හෝටලයේ සුඛෝපභෝගී කාමර 20ක් තිබෙනවා. මේ හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි එය ඉදිකර තිබෙන්නේ භූමියේ තිබූ ගස්වලට හානියක් නොකර පැවැති පරිසරයටම අනුගත වන ආකාරයට යි. අවට සුන්දරත්වය තවත් වැඩි කරමින් විල් තලාවකුත් ඒ අවට තිබෙනවා.
කෑම බීම ගැන කතාකරද්දී නුවර ක්‍රමයට අනුව සාමාන්‍ය ගමේ කෑමවේලක සිට තරැ පන්තියේ ආහාර වේලක් වුණත් රස විඳින්න කැමැත්ත පරිදි හැකියාව තිබෙනවා.
සාමාන්‍ය විවේකයට අමතරව පක්ෂීන් නැරඹීම, ඇවිදීම, බඹරගල විහාරය, වික්ටෝරියා, රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ නැරඹීම, නකල්ස් සවාරි ආදී ගොඩක් දේවල් සඳහා යනෙන සංචාරකයන්ට මෙතැන කදිමට ගැලපෙනවා.
සනත්
සේයාරූ - නීල් සිරිවීර